ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි, පැවති සංගීත ක්ෂේත්‍රයේ අති දැවැන්තයින් සහභාගි වන 67 වන ග්‍රැමී සම්මාන උළෙල සඳහා පැමිණි සංගීත ශිල්පී Kanye West සහ ඔහුගේ බිරිඳ වන Bianca Censori ට විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
ඒ Bianca Censori හැඳ සිටි දුහුල් ඇඳුම හේතුවෙනි.
එහිදී එම උළෙල සඳහා සහභාගි වූ සියලු අමුත්තන් රතු පලස මතදී ඡායාරූප සඳහා පෙනි සිටි අතර, එම අවස්ථාවේ දී ඔහුගේ බිරිඳ Bianca Censori ඇගේ ලොම් කබාය ගලවා කැමරාවන්ට දුහුල් ඇඳුම හරහා නිරුවත ප්‍රදර්ශනය වන ආකාරයට පෙනී සිට තිබෙනවා.
එමෙන්ම, රතු පලස මත පෙනී සිටීමෙන් පසු, Kanye West සහ Bianca Censori ස්ථානය තුලින් ඉවත්ව ගොස් ඇති බවත්, ඔවුන්ට සම්මාන උළෙල සඳහා සහභාගී වීමට නිල වශයෙන් ආරාධනා කර නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.











